ශශී❤️? 3 years ago 81 5 7

Nisadas Image

මගේ ගම

සීතල සුලග මගෙ දෙසවන් සිබිනකොට
සුන්දර නිල් පලස මත පය රැදෙනකොට
දසතින් ගලන මීදුම නෙත වෙලනකොට
මුලු ගම සුරපුරක් ලෙස නිති දැනෙයි මට

ඉපනැලි පෙමින් ඒ මේ අත වැනෙනකොට
සියොතුන් පෙමින් පෙම් මදු ගී ගයනකොට
ඇල දොල නිතර සිලි සිලි හඩ නගනකොට
මගෙ මුලු ගමම සුන්දර යැයි හැගෙයි මට

ඈතින් නැගෙන හිරු මල කදු සිබිනකොට
අරුනලු කිරණ මගෙ මුලු ගත වෙලනකොට
මානෙල් නෙලුම් හිරු එලියේ දිලෙනකොට
ගම්මානයම සිරියාවෙන් උදම් විය

ශශී

Comments (7)

චතූ 3 years ago ලස්සනයි ????

චතු ගුණසේකර ? 3 years ago ගම ?❤️ ලස්සනයි නිසදැස

ශශී❤️? 3 years ago Thank u ❤️

Deesha(දීෂා)❤️ 3 years ago Ah ලස්සනයි ගොඩක්! ගමයි නිසදැසයි දෙකම ❤️❤️❤️❤️

ශශී❤️? 3 years ago Thank u nethu ❤️?

Nawodya Dissanayake 3 years ago

ශශී❤️? 3 years ago ❤️?❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps