චතු ගුණසේකර ? 3 years ago 156 4 5

Nisadas Image

පොඩි සාදු

ඔය කහ සිවුර බර වැඩි නැද්ද පොඩි සාදු
පුංචි ඇගට අලුත් කහ සිවුර ලොකු වැඩිනෙ පොඩි සාදු
බණ මඩුවෙ ලොකු පුටුවට නැගලා
පුංචි හඩින් කවි ඇහුනම
තාමත් ඒ අපේ හිතට දුක දැනෙනවලු ?

වෙල් එලියෙ මැච් බලන්න පොඩි සාදුත් එන්නෙ නෑලු
ඉස්සර අපි දුවපු නටපු කාලෙ මතක නැද්ද සාදු
දැන් තනියෙන් ස්කෝලෙ යන්න පාලු හිතෙනවාලු
හැමදාමත් පන්සල් එන්නෙ පොඩි සාදු බලන්නයිලු?


වෙල් පාරෙ ඇල අයිනෙ තිත්ත පැටව් ඇල්ලපුවම
අපේ අතින් පව් පිරිලා සංසාරෙත් දික් වෙනවද
පොඩි සාදුත් සංසාරේ සැරිසරන්න ආස නැද්ද
ඒ හින්දද අපිව දාලා ගියේ සිවුර ඇතුලට?

වැරදි උනාද අපේ අතින් පුංචි සිතම කලකිරෙන්න
ආසයි දැන් පොඩි සාදුත් එක්ක මහණ වෙන්න
ලොකු සාදුත් එක්කලා බණ කතා අහන්න
අම්මගෙ හිත දුක හිතෙයිද මහණ උනාම?


-චතූ-
10/11/2020
ප.ව.5.45




Comments (5)

Geethanjalee ? 3 years ago Lssanai godak??

චතූ 3 years ago ගොඩක් ලස්සනයි ?❤

චතු ගුණසේකර ? 3 years ago Thanq ❤️

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ගොඩක්ම ✍️❤

ශශී❤️? 3 years ago ගොඩක් ලස්සනයි ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps