චතු ගුණසේකර ? 3 years ago 88 4 5

Nisadas Image

නුවර අහසක් යට තනිවී?

කෝඩ වැසි ඇද වැටුනු
මන්දාරම් එකම අහස වුනු
ප්‍රේම කතා එකිනෙක ගෙතුනු
නුවර අහස තවමත් පෙනුනු...

එදත් අද වගේම දිලුනු
හන්තාන ඉම හරි සොදුරු
පෙම් වදන් එකිනෙක ගෙතුනු
නුඹ නැතිව අද මම විදිනු.....

තුරුලතා ඉගි බිගි කෙරුනු
ඔච්ච්මට මෙන් රස කතා තෙපලුනු
මතක රස සිත යට ඇහිරුනු
හුදෙකලාවම නුඹ නැතිවම විදිනු....

දෑවුරුදු මතක ඇවිසුනු
වැසි වැටුනු පොලොව තෙත්වුනු
නුඹ එක්ක පිය සටහන් ඇදුනු
පුදුමයි නුඹත් සමගම වියැකුනු....

පෙම් කතා තැන තැන විසිරුනු
මතක පොදි එක්කම් කවි තෙපිලුනු
නුඹ නැතිව ඒ අස්නෙ වසරක් ගෙවුනු
තාම පුදුමයි නුඹටමද එය හිමිවුනු


-චතූ-
08/11/2020

Comments (5)

Deesha(දීෂා)❤️ 3 years ago Oh ? ගොඩක්ම ලස්සනයි හැම නිසදැසක්ම ✍️

ශශී❤️? 3 years ago නුවර මේ ලෝකේ ලස්සනම තැන.ආදරවන්තයනට ආශිර්වාදයක් වුනු තැන.ගොඩක් ලස්සනයි ❤️

Geethanjalee ? 3 years ago Lassanai ?❤️

චතූ 3 years ago හරිම ලස්සනයි ???❤

චතු ගුණසේකර ? 3 years ago ❤️තැන්කියු හැමෝටම





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps