Deesha(දීෂා)❤️ 3 years ago 114 6 10

Nisadas Image

_______බොහෝ දිනකට පසු ✍️________

❤️නිසදැස් ලියන, කියවන හැම කෙනෙක්ටම අාසිරි පතමි ?

හිමිව අහිමිව යනෙන දිවියක සැඟෙව්වා කඳුලැලි පවා
සිනහවක් යළි අයිති නොමමුත් හිනැහුණා කවි ගී නිසා
රිදෙව්වේ නෑ මගේ හදවත සැනසුවා නුඹ සෑමදා
කෙටි කලක් මුත් දිවිය ගෙව්වේ නුඹ මාව ජීවත් කළා.....

තෙලිතුඩින් කවි ලියවුණා මගෙ දුකට මෙන් විඳි සතුටටත්
නිරන්තරයෙන් ළඟම රැඳුණා නිසදැසේ සිටි යහළුවන්
දුක සතුට සැනෙකින් දකින්නට සන්වේදි හදවත් දරන්
නේක විධ වූ හැඩ මවයි මෙහි ජීවිතේ දුක් හිර කරන්....

පිසදමා නෙත් වැටුණු කඳුළක් රහසින්ම කිව් වේදනා
පත්තිරුව විය මේ බිමම මට පන්හිඳෙන් ගෙත්තම් වෙනා
කවි කරන්නට නොහැකි නම් සිත මියැදි කවියෙකි අද මෙමා
වදන් ගලපමි බොහෝ දිනකින් කවක් නිම කෙරුමට සිතා....

Comments (10)

චතූ 3 years ago වදන් ගළපා නේක කවි වැල් ගොතන මගෙ මිතුරිය සොයා...

චතූ 3 years ago බලා උන්නා කවි පිටුව මත ලියන තුරු නුඹ කවි කතා...

චතූ 3 years ago ලස්සනම පද පේළි අතරේ නොකී ජීවන ගී තියා...

චතූ 3 years ago හැමදාම නුඹ ලියන නිසදැස් කියවන්න ඉමි මග බලා...

චතූ 3 years ago Nice one dr. Keep it up!?

Deesha(දීෂා)❤️ 3 years ago ලස්සනයි ඔයාගෙ කවියත් ගොඩක්ම... Thanks ?❤️

ශශී❤️? 3 years ago කවිය ලියලා ඉවර කරන්න එපා හැමදාම ලියන්න දීශා..❤️ ගොඩක් ලස්සනයි නන්ගි ??

Geethanjalee ? 3 years ago Lassanai akki godaaaaaaaaaaaakkk ❤️

ශශී❤️? 3 years ago ඔයාගේ ජීවිතේ කවිය ලස්සනට පරිස්සමට ලියන්න මැනික.අතාරින්න එපා.?

Deesha(දීෂා)❤️ 3 years ago Thanks අක්කි ❤️ Thanks නංගි ❤️





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps