ශශී❤️? 3 years ago 92 4 6

Nisadas Image

මගෙ ආදරේ ❤❤❤

සද තුහින පුරාවට හීන ලියකම් මවා
දෝතින්ම ආදරේ අරන් නුබ හිනැහුනා
නිදන විට මුලු ලොවම රහසේම ලන් වෙලා
පෙම් සිහින ඇහරවා නොදැනීම පෙම් කලා

තරු නිදන හැම රෑම මගෙ ලගින් නැවතිලා
ආදරේ කතාවේ පද නිතින් හැඩ කලා
ඈත කදු මුදුන් සිප ඇදෙන සුලගක් වෙලා
මගේ දෙසවන පුරා නුබේ හඩ තැවරුවා

සීතලට සිහිනෙන්ම නුබේ ලග ගුලිවෙලා
ප්‍රේමයේ මල් පියලි එකින් එක හැඩ කලා
ආදරේ දෙව්දුවත් අපේ පෙම් කවි අසා
හැම බවේ අපේ සිත් අපි නමින් වෙන් කරා






Comments (6)

Deesha(දීෂා)❤️ 3 years ago Woooow? ලස්සනයි ඔයාලත් ගොඩක්ම ලස්සනයි ❤️??

චතූ 3 years ago ලස්සනයි ගොඩක් ?❤

ශශී❤️? 3 years ago Thank u deesha❤??

ශශී❤️? 3 years ago Thank u chathu❤??

Geethanjalee ? 3 years ago Lssanai ? akkiyoooo

ශශී❤️? 3 years ago Thank u nangi ??





Copyright © 2021 Nisadas | Powered by Arvin Apps