1,734 Total Nisadas Found





කවී 1 year ago 120 1 1

Nisadas Image

මං ඔයාට හරි ආදරෙයි ලමයෝ!

උරහිසේ හිස තියා... ????
ආදරේ කියනවා
වේදනා ඇස් දෙකේ
ඇවිලිලා... ????

මා ...නිවෙනවා !

????

තියාන හිඳිනවිට ම'හිස
නුඹේ උරහිස මත
මාව තව තුරුලටම ගෙන
දියකෙරූ මගෙ දුක් කන්ද
දරාගත්තාද නුඹ !

පිරිමදින විට
නුඹ මගේ කන් පෙත්ත
සැනසුනේ මං තුරුලුව
සසරක සුවය දැනුනානෙ මට..
නලල සිප
සැනසුවේ නුඹ
මගේ හිත් පොඩ්ඩ ????

ඇවිලිච්ච ගිනි දෙහදක
කඳුළු නොහලා..
සිනහවෙන්
දරාගත්තා නොවේද අපි

දැනුනේම නෑනෙ මට නුහුරුවක්
එක තත්පරයකටවත්
නුඹේ ආගන්තුක බවක්
සසරේම ආවද
මේ ලෙසින් ...
මේ සංසාර පුරුද්දෙන් ????

දිනෙක මඟහැරෙනවා
නුඹත් එය දන්නවා
යන්නටම නොදී උබ
තව වරක්
මාව සිප ගන්නවා

අතින් අත හැරෙනවා
හිතින් මා නුඹ
තුරුලටම ගන්නවා..
නුඹ සතුට
හිතේ සැනසුම
බුදු පුදන හැම වරම
මං පතනවා !

Kawee|°

පැතූ ???? 1 year ago 101 1 0

Nisadas Image

සිනහව..????

සිනහව......????හිනා වෙන්නනම් අපි හැමෝ ම කැමතියි...අපී..සතුට ට හිනා වෙනවා...විහිලුවක් කරාම හයි....යෙන් හිනා වෙනවා.සමහර වෙලාවට කාට හරි සමච්චලේට හිනා වෙනවා..සමහරු බොරුවටත් හිනා වෙනවා ????.
අපි එක දවසෙ දි එක එක විදියට හිනා වෙනා වෙනවා...හිනහව අපේ ජීවිතේම කොටසක්..ඒක බොහෝ වෙලාවට අපෙන් එන ධනාත්මක ප්‍රතිචාරයක්.
ඔයා දාන ඔය හිනාව ඔයාට ඔයාගෙ ජීවිතේ ප්‍රබල ආයුධයක් කරගන්න පුලුවන් ..හැබැයි ඔයාගෙ ඔය හිනාව ට එකතු කරන්න ඕනි අඩුම කුඩුම ටිකක් තියෙනවා.
ඔයාට ඔයාගෙ ඔය හිනාවට තරහ,සමච්චලය එකතු කරන්නත් පුලුවන් නැතිනම් ආදරය❤කරුණාව එකතු කරන්නත් පුලුවන්..කවුරු ඔයාට හොද කරත් නරක කරත් ඔයා ඒ හැම කෙනෙකුට ම සිනහවෙන් උත්තර දෙන්න????තෙරේසා මව් තුමියත් ඒ වගේ කෙනෙක්...ඇය තමන් යටතේ වැඩෙන අනාත දරුවන් ට යමක් දෙන්න යැයි ධනවතෙකුගෙන් දෑත් දිගු කර ඉල්ලූ විට ඇයගේ දෑත් වලට ලැබුනේ කෙල පහරක් පමණයි...නමුත් ඈ එයට උත්තර දුන්නේ කරුණාබරිත සිනහකින්.????ඇගේ සිනහව ඒ ධනවතාගේ ගලක් වැනි සිත මෘදු කරන්නට සමත් වුණා...ඉතින් අපි අපිට එන හැම බාධකයකටම සිනහවෙන් උත්තර දෙමු..????ලෝකේ දිනන්න,අනුන්ගෙ හිත් වෙනස් කරන්න,දුක් විදින අයට සතුට ගෙනියන්න...

කවී 1 year ago 102 0 0

Nisadas Image

නොඑනා දුර

තැලුනු හිත
දරාන මං
විඳපු දුක් ගිනි
තද කරං
ලියූ කවි
නුඹ නමින්...
ගැලපුවා මං
හෙමි හෙමින්..

නුඹ ප්‍රේමයේ වියෝ දුක
නුඹ තරමටම මං වින්දා
නුඹේ හද වෙලූ කඳුළු
මං තුන්හිතින් දරාගත්තා
මං නුඹ දරාගත්තා????

වැටෙනා තැනකදී
අල්ල ගන්නම් හුස්ම දී ..
දිනනා දවසෙදී
සතුටු වෙන්නම්....
පසෙක වී ????????

ජීවිතේ දරාගන්න අපහසුම...,
තේරුම් ගන්න අපහසු තැන් ඉතිරිකර යාමයි.

ඒ අපහසු තැන් වල සිරවීම
මට නුඹ අහිමි වූවාට වඩා වේදනාකරීයි.

ආදරයක සිත සොඳුරු
කීව කතා මට නුහුරු
දෑස් පුරා ඇඳි පිළිරූ
ඔබ නේද ආල සිත කැළඹූ...

දැන දැනම හැම
පාර පාරා..හරි හිතුවක්කාර ලෙස
නුඹ සැනසුනා..
මගේ හදේ ප්‍රේම ගිනි අවුලුවා..????

ප්‍රේමය තදින් වැටහෙද්දි
මං නුඹ පන වගේ රැකගද්දි
නුඹ වෙනුවෙන් කල නොහැක්කක් නැතිවෙද්දි
දෑත් දුගු කල නොහැකි ඈතකට
ගිහින් තිබුනා නුඹ
මටත් නොකියම

නුඹට මාත් මට නුඹත් සවියක්ව
ආ මාවතේ ...
මට නුඹව අවැසිම
කඨෝර මොහොතෙදී
නුඹෙ සැබෑව මට පසක් කරදී
නුඹ කෙරූ හැමදේ
සිහිනයකි මට සිදුවූ ඒ සෑමදේ
නුඹ මං ලඟදි කියූ දෑ
පෑරිලම ගියා ඒ වියෝවේ

බර දැරූ හිතටත් හතී
සිර කරන් හිටියේ...
නුඹමයි ආදරේ
පාර පාරා මාව සෙව්වේ

හෙට අදත් උහුලනු බැරි
නුඹ ත







Copyright © 2021 Nisadas | Powered by Arvin Apps