Dilhani NiluSha 3 years ago 31 13 4
ඔබ, හිනාවක් නොව හැමදාම හිනාවෙන්නට හැකි කාරණාවකි.. හාදුවක් නොව හිතම උණුහුම් කරන්නට හැකි ශෘංගාරයකි.. දුකක් නොව ජීවිතයම පුලුස්සා දැමිය හැකි වේදනාවකි.. ප්‍රේමයක් නොව මාවම පණ ගැන්විය හැකි හුස්මකි..
Kaushan Rasanjana 3 years ago 34 5 2
අවසරයි
Amali Dayarathne 3 years ago 30 8 3
යනවා නම් යන්න හැබැයි ආයෙත් එන්න නුඹ නොඒනම් කියන්න මටත් නෑවිත් ඉන්න
Amali Dayarathne 4 years ago 46 7 5
අපි ආදරේ කළ තැනක හැමදේම එකතැන ඒත් අපි දෙතැනක...
Amali Dayarathne 4 years ago 42 13 3
නුඹට තිබුණෙ මගෙ හිතට නෑවිත් ඉන්න එහෙමනම් මට තිබුණා මේ මල් පාරෙ මුකුත් නොවුනා වගේ යන්න ආදරේකට හේතු නොසොයන්න තව ටිකක් කල් අරන් නොගැළපෙන තැන් ගළපන්න සතුටිනුයි ඉන්නෙ කියල පෙන්නන්න දැක දැකත් නොදැක්කා වගෙ මට බැහැ නුඹ වගේ යන්න හිතවත ඔය නපුරුකම් තවත් බෑමයි ඉවසන්න... අමාලි දයාරත්න
Amila Prasad Hapugoda 4 years ago 50 17 10
නුහුරු කටු මත ඉපදුනේ නුඹ නපුරු බව දැනගෙන නොවේ සැලෙන නල කටු තුඩින් ඇනුනද නොහඬනා මල් කැකුළියේ විහඟ ගීයක සැදැහැ දෑතක නොගැටී පින්මද බොලදියේ කටුක දුක් කප්පරක් නුහුලන ගැහැනියක දුටුවෙද ලොවේ සුළඟ ගෙන ආ සෙනෙහෙ පණිවිඩ බමරු වෙත ආපසු යවා උරණ හිරු හා පෙමින් බැඳුනද ළපල්ලක මදහස පොවා රතුම රතු බිම පතිත පෙති මත කඳුළු බිඳු රැඳුනද මගේ කියමි කුමරිය මෙලෙස මියදුනු පළමු මල නම් නුඹ නොවේ........
Copyright © 2021 Nisadas | Powered by Arvin Apps